ගුරු සහායකයින් 3777 ක් වෙනුවෙන් : ලංකා ගුරු සංගමය මැදිහත් වෙයි !

ගුරු සහායකයින් 3777 ක් වෙනුවෙන් : ලංකා ගුරු සංගමය මැදිහත් වෙයි !

ගුරු සහායකයින් 3777 ක් ගුරු සේවයේ 3-11 ට බඳවා ගැනීමේ කැබිනට් පති‍්‍රකාව වහා කි‍්‍රයාත්මක කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර එහි මෙසේද සඳහන්ව තිබේ.

රජයේ වතු ආශි‍්‍රත දෙමළ මාධ්‍ය පාසල් සඳහා අමප/13/1636/530/059 හා 2013.12.16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මත විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් තරග විභාගයක් පවත්වා 2015.05.19 දින සිට අදියර 06 ක් යටතේ ගුරු සහායකයින් 2804 ක් බඳවාගෙන ඇත.

එසේම රජයේ පාසල්වල බුද්ධ ධර්මය ඉගැන්වීම සඳහා අමප/13/0014/530/003 හා 2013.02.14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ජාතික අධ්‍යාපන ආයතනය මගින් තරග විභාගයක් පවත්වා 2014.02.24 දින සිට ධර්මාචාර්ය සමතුන් 973 ක් ගුරු සහායකයින් ලෙස බඳවාගෙන ඇත.

මෙම ගුරු සහායකයින් සඳහා බඳවා ගත් දින සිට රු.6000/- ක මාසික දීමනාවක් ලබාදුන් අතර, පසුව අධ්‍යාපන අමාත්‍යාංශ්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා විසින් 2017.01.13 දිනැතිව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අමප/17/0499/719/054 හා 2017.04.04 දිනැතිව ලබාදෙන ලද තීරණය මත 2017.02.01 දින සිට කි‍්‍රයාත්මක වන පරිදි එම රු.6000/- ක දීමනාව රු.10,000/- දක්වා වැඩි කරන ලදී.

පසුව 2018.01.08 දිනැතිව ‘රජයේ වතු ආශි‍්‍රතව පිහිටි දෙමළ මාධ්‍ය පාසල්වලට බඳවා ගන්නා ලද ගුරු සහායකවරුන් සහ බෞද්ධ ධර්මාචාර්ය ගුරු සහායකවරුන් ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3-11 ශ්‍රේණියට අන්තර්ග‍්‍රහණය කිරීම’ මැයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවට අනුව අමප/18/0097/742/001 හා 2018.04.04 දිනැතිව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මෙම ගුරු සාහයක පත්වීම්ලාභීන් ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3-11 ශ්‍රේණියට අන්තර්ග‍්‍රහණය කොට එම ශ්‍රේණියට හිමි වැටුප් ලබාදිය යුතුය. උසස් පෙළ සමතුන් වන මෙම ගුරු සහායකයින් තරග විභාගයක් මත තෝරාගෙන ඇති අතර, ඔවුන්ගෙන් රු.10,000/ සොච්චම් දීමනාවකට ගුරු සේවයේ නිලධාරියෙකු විසින් සිදු කරන පන්ති කාමර ඉගැන්වීමේ කටයුතු ඇතුළු සියලූ කටයුතු ඉටුකරවා ගැනීම සිදු කරයි. එහෙත් කැබිනට් තීරණය ලබා දී මේ වන විට වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් මෙම ගුරු සහායකයින් ගුරු සේවයේ 3-11 ට අන්තර්ග‍්‍රහණය කිරීම මේ දක්වා සිදු කොට නොමැත. මේ තත්වය යටතේ මොවුන් දැඩි පීඩනයකට ලක්ව ඇත. එසේම මෙය ඔවුන්ගේ ශ‍්‍රමය දැඩි ලෙස කොල්ලකෑමකි.

මේ තත්වය යටතේ ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය වහා කි‍්‍රයාත්මක කොට මෙම ගුරු සහායකයින් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයේ 3-11 ශ්‍රේණියට අන්තර්ග‍්‍රහණය කිරීම කඩිනමින් සිදුකරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න