CONEX 2019 සඳහා නෞකා සහ යාත්‍ර‍ 17 ක් එක්වෙයි !

CONEX 2019 සඳහා නෞකා සහ යාත්‍ර‍ 17 ක් එක්වෙයි !

‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) පසුගිය 26 වනදා ආරම්භ වූ අතර එහි අවසන් දිනය අද (29) යි.

ආරම්භක දිනයේ උත්සවය ශ්‍රී ලංකා නාවික‍ නෞකා සිදුරළ නෞකාවේදි පැවැත්වූ අතර, ජනවාරි 27 වනදා කොළඹට නුදුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත, රත්නදීප යන නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් 09 ක් සමඟින් වේග ප්‍රහාරක යාත්‍රා 08 ක් අභාස්‍ය සඳහා සහභාගී වන ලදී.

ඒ අනුව, නෞකා හැසිරවීම, මුහුදේදී රාත්‍රී වෙඩි පුහුණුව, මුහුදේදී පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරුව, අනතුරටපත් නෞකාවක් ඇදගෙන යාම සහ සංඥා හුවමාරු ක්‍රම ආදී වූ අභ්‍යාසයන් ඊයේ (28) දිනයේ සිදු කල අතර, අද දිනයේදී ද තවත් මෙවැනි අභ්‍යසයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

{gallery}CONEX-2019{/gallery}

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න