ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධව පැතිර යන පුවත ගැන විමසා ලිපි 4ක් යොමු කිරීමට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කටයුතු කර ඇත.
ඒ අනුව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරල, බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නීතිපතිවරයාටද අනෙක් ලිපි යොමුකර ඇත.
එහිදී අධිකරණයට අපහාස කිරීම මෙන්ම සිය සැමියා අතුරුදහන්වීමට අදාළ නඩුවකට කොහෙත්ම සම්බන්ධයක් නොමැති ඥානසාර හිමියන්ගේ මැදිහත්වීම, මෙන්ම පොදු සමාවක් ලබාදීමේ සූදානම ගැනද දැඩිව ප්‍රශ්න කිරීමට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කටයුතු කර තිබේ.
අදාළ ලිපි 4 පහත දැක්වේ.


