රබර් පර්යේෂණ ආයතනයේ මුල් පුටුව විශාකාට !

රබර් පර්යේෂණ ආයතනයේ මුල් පුටුව විශාකාට !

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය වැවිලි ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ ආයතනයක් වන අතර එහි සභාපතිනිය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පත්කර ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක විසින් එම පත්වීම සිදුකර තිබේ.

ඊයේ (31) බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී ඇය ඊට අදාල පත්වීම් ලිපිය අමාත්‍යවරයා වෙතින් ලබාගත් අතර ආචාර්ය විශාකා සූරියබණ්ඩාර සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම කාන්තා අයිතීන් සහ සත්ව සහ පාරිසරික අයිතීන් වෙනුවෙන් ද හඬ නගන්නියක වෙයි.

තවද මෙරට අලි මිනිස් ගැටුම විසදීම පිලිබඳවද ඇය විශාල උනන්දුවක් දක්වන්නීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න