කඩිනම් සහ විධිමත් ග්‍රාම සංවර්ධනයක් ඉලක්ක කරගත් ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය මෙන්ම රට තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් නිර්මාණය කිරීමේ සැලැස්මට අනුව ක්‍රියාවට නගා ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හී 2019 වසර වෙනුවෙන් වන සමාරම්භක උත්සවය හෙට (02) පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගීවීමට නියමිතව ඇත.
උත්සව කටයුතු ආරම්භ වන්නේ පසුවරු 3.00 ට ය.
ස්ථානය- අරලිය ගහ මන්දිර පරිශ්‍රෙය්දි.

