ඉදිරියේදී පිහිටවන සන්ධානයේ සභාපති ධුරය තමනට හිමිවිය යුතු යයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසයි.
දැනටද තමන් ඒකාබද්ද විපක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කරමින් සිටින බවත් ඔහු සදහන් කරයි.
ඊයේ (02) අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීම සදහා එම විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදී විපක්ෂා නායක මහින්ද මේ බව පැවැසීය.
එහිදී වත්මන් ජනාධිපති සිරිසේන මීලග ජනාධිපති අපේක්‍ෂක විය යුතු යයි අනුරාධපුර ශ‍්‍රීලනිප බල මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ගැන මාධ්‍යවේදීන් විමසු අතර ඒ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය දුමින්ද දිසානායක මහතාගේ පුද්ගලික අදහසක් බවත් තවම ජනාධිපති අපේක්‍ෂක ගැන තීන්දුවක් ගෙන නැති බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
