Image

ඇමති රවී සිංගප්පූරුවේ විශේෂ සැසියක !

ඇමති රවී සිංගප්පූරුවේ විශේෂ සැසියක !

අනාගත විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි යොමුකිරීමේ නවීන ක්‍රමෝපායන් සහ ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණික ඥානය උපයෝගී කරගැනීම පිළිබද අධ්‍යයනය කිරීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසියකට සහභාගි විය.

මෙම සැසියේදී නිවෙස් සහ වානිජ ගොඩනැගිලිවල බලශක්ති කළමනාකරණය, ස්වයංක්‍රීයකරණය පිළිබඳ ඩිජිටල් තාක්ෂණික ක්‍රමෝපායන් මගින් සිදුකරගන්නා ආකාරය, ඒ සඳහා උපයෝගී කරගන්නා මෘදුකාංග පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමක් සිදුවිය. එසේම මධ්‍යස්ථ වොල්ටීයතාව සහ ස්වයංක්‍රීයකරණ පද්ධති තුළින් ඒකාබද්ධ කළහැකි කාර්යක්ෂමතා විසදුම් ලබාගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීම් සිදුකර ඇත.

සිංගප්පූරුවේ ස්ථාපිත කර ඇති සුහුරු පරීක්ෂණාගාර තුළ සිදුකෙරුණ මෙම ප්‍රායෝගික සැසියේ ක්‍රියාකාරකම් සදහා සහභාගීවීම තුළින්, ශ්‍රී ලාංකික විදුලිබල ක්ෂේත්‍රය නව්‍යකරණයට අවශ්‍ය දැනුම් සම්භාරයක් උකහා ගැනීමට හැකිවූ බවත්, බලශක්ති කළමනාකරණය තුළින් බලශක්ති සංරක්ෂණය සහ මිල අධික බලශක්ති උප්පාදනය අවම කිරීමේ මාර්ග කරා පිවිසීමේ මාර්ගයන් පිළිබඳ ප්‍රායෝගිකව දැනගැනීමේ හැකියාවක් ලැබුණ බවත්, අමාත්‍ය කරුණානායක පවසයි.

තම සිංගප්පූරු සංචාරය තුළින් ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණිකාංගයන් රැසක් ක්‍රියාත්මක කිරීමටත්, දැනට ක්ෂේත්‍රය තුළ යොදාගනු ලබන ක්‍රමෝපායන් නවීකරණයට ලක්කිරීමටත් අවැසි තාක්ෂණික අවබෝධයක් ලබාගත් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

ravi 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න