"රට පුරාම දූෂණය පැතිරී ඇතැයි ජනාධිපති තත්තා කෙදිරිගානු ඇසිනි....!ඒ කතාව පසෙකින් තබා'ගමරාල ගේ අමුඩේ කැත කල එකා සෙව්වා වගේ යන කියමන කුමක් දැයි විමසා බලමු.දිනක් හිටී හැටියේ ගමරාලගේ අමුඩේ කක්කා ගියේ අදෝවාතයක් පිටවීමත් සමගය.උන්නැහේ ඒ වගක් කිසිවෙකුටත් නොදැනෙන්නට අමුඩ ලේන්සුව රෙදිවැලේ උනාදමා කඩමණ්ඩියට ගොස්"කවුද..යකෝ මගේ අමුඩේ කැත කලඑකා..වහාම සොයාපල්ලා යැයි කීවේ ලු...?
සිරිසේනගේ කතාව ඊට දෙවෙනි නැත ...!මිත්‍රවරුනි රූමස්සල අභය භූමි ආරක්ෂිත කලාපයේ ,පුද්ගලික ඉඩමක්,රජයේ ඉඩමක් සහ කඩොලාන සහිත පරිසර පද්ධතිය ක් ගොඩකර ඉදිකරන ඩඩ්ලි සිරිසේනගේ මේ හෝටලය සදහා පාරිසරික ඇගයීම් වාර්තා ව ලබාදී ඇත්තේ වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.එම දෙපාර්තමේන්තුව අයත්වන්නේ පරිසර අමාත්‍යාංශයට ය.විෂය බාර අමාත්‍යවරයා ජනාධිපති සිරිසේන ය.
නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි අනුව රූමස්සල අභය භූම් ආශ්‍රිත කලාපයේ ඉදිකිරීමට අවසර ඇත්තේ දෙමහල් හෝ තෙමහල් ගොඩනැගිලි පමනි.අධිඋස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන්නේ නැත . මිත්‍රවරුනි නීතිය ට පිටින් අදාල ඉදිකිරීම සදහා අවසර ලබාදුන්නේ කවුද ....? කාමර 99 කට වැඩි මේ හෝටලය සදහා නාගරික සංවර්ධන අධ්කාරිය ලබාදී ඇති නිර්දේශ වල දැක්වෙන්නේ ගොඩනැගිල්ලේ උස මහල් 14 කට නොවැඩි වියයුතුය යන්නය.මිත්‍රවරුනි දැන් එහි ඉදිකිරීම් මහල් 16 දක්වා ඉහළට ඔසවා තිබේ ...?එකී අත්තනෝමතිකත්වයට බලය දුන්නේ කවුද .....?
මෙවැනි අධිඋස ගොඩනැගිලි ඉදිකරන්නේ නම් ඒ සදහා අඩි 40 ක පිවිසුම් මාර්ගය ක් තිබිය යුතුයැයි නීතිය ක් තිබේ .එහෙත් උනවටුනේ මේ දැවැන්තම හොටලය සදහා ඇති බොනවිස්ටාපාර සහ උනවටුනේ වැල්ල දේවාල පාර යන පිවිසුම් දෙකම හබරාදූව ප්‍රාදේශීය සභාවට අයත් අඩි 10 පමන වූ තරම් පටු මාවත් දෙකකි......?
මේ අධිඋස හෝටලය ඉදිකිරීමට අවසර ලබාදුන්නේ කවර පුද්ගල යෙකුගේ බලපෑමකට යටත්වද..........?මීට පෙර අදාල ඉඩමේ හෝටලය ක් ඉදිකිරීම සදහා ඉල්ලීම් ඉදිරිපත් කල ව්‍යාපාරිකයාට ඒ සදහා අවසර නොදුන්නේ ඔහු සිරිසේනගේ සහෝදර යකු නොවන නිසාද ......?
හෝටලය ඉදිකිරීම සදහා අධිධාරිතාවයකින් යුතු නල ලිං ඉදිකිරීමට අවසර ලබාදී ඇත්තේ කවර අධීක්ෂණ යක් යටතේ ද.......? මිත්‍රවරුනි දැනටමත් ගාලු ජනතාවට පානීය ජලය ලැබෙන්නේ ජල කප්පාදුව කින් පසුවය උදැසන 06 සිට සවස 06 වනතුරු බොහෝ ප්‍රදේශ වලට ජලය නැත .එසේ තිබියදී ගාල්ල දක්ෂිණ නාවික කදවුර අසල සිට ඩඩ්ලිගේ හෝටලය ට විශේෂ ජල නල පද්ධතිය ක් එලීමට කටයුතු කිරීම යුක්ති සහගත ද....ඒ සදහා අවසර දුන්නේ කවුද .............?
දැන් රජයේ වියදමින් නව ජලසම්පාදන ක්‍රමයක් යෝජනාකරතිබේ.රුපියල් මිලියන 500ක් වැයකිරීමට අපේක්ෂා කරන එම ජලයෝජනා ක්‍රමයෙන් ජලය සපයන්නේ ඩඩ්ලිගේ හෝටලය ට පමනද.......?කාමර 230 කට වැඩි මේ හෝටලයේ කසල බැහැර කිරීම සදහා ලබාදී ඇති නිර්දේශ වල දක්වා ඇත්තේ පිරිපහදුව කින් පසුව අපද්‍රව්‍ය මුහුදට හෝ ඇලට මුදාහරින ලෙසය......;දැනටමත් උනවටුනේ හෝටල් අනුගමනය කරන්නේ එම ක්‍රියාවලියයි මේ නිසා උණවටුනේ ස්වාභාවික නාන තටාකය දිය නෑමට නුසුදුසු බව වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ යකින් තහහුරුකරගෙන ඇත .
එවැනි වටපිටාව ක හෝටල් 230 ක අපද්‍රව්‍ය එක හෝටලය කින් මුදාහැරීම කවර තත්ත්වය ක් ඇති කරනු ඇද්ද තත්ත්වය එසේනම් ඩඩ්ලිගෙ හෝටලයේ කසල බැහැර කරනු ලබන්නේ කවර ක්‍රමයකට ද....? මිත්‍රවරුනි මේ හෝටලය ඉදිකිරීමේ සිට මේ දක්ව කිසිදු කටයුත්තක් රටේ පවතින සාමාන්‍ය නීතියට අනුව සිදුකෙරී නැත .....!,"ඔව් මිත්‍රවරුනි...ජනාධිපති කී කතාව හරිය ....රටේ හැමතැනම දූෂණය පැතිරිලා ය..............දැන් අපි ගමරාලගේ අමුඩේ කැත කල එකා සොයමු........?
දයා නෙත්තසිංහ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
