Image

ජාතික ආණ්ඩු අදහසට තරයේ විරුද්ධයි- ජනාධිපති සිරිසේන

ජාතික ආණ්ඩු අදහසට තරයේ විරුද්ධයි- ජනාධිපති සිරිසේන

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) ප්‍රකාශ කළේය.

71 වැනි ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

."ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැලපෙන ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.

ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි.

ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ.
ණය බර විරැකියාව වැඩිවෙලා. ප්‍රශ්ණ මුහුකුරා ගොස් තිබෙනවා. අපේ රටේ භාෂා තුනක් කථා කරනව. ඒ සියලු දෙනාම එකම මනුස්සයින්.

යුද්ධයෙන් පසුව වඩා නිදහස්ව ජනතාව කටයුතු කළේ පසුගිය සිව් වසරේදී. අපි සිටින්නේ අලුවලින් වැසුණු ගිනි ගොඩකයි.
පළාත් සභා විසුරුවලා අවුරුද්දකට වැඩියි. පුනරාවන්තන හා ප්‍රාග්ධන වියදම් උඩුයිටිකුරු කළ යුතුයි. පළාත් සභා කල් දැමීම ගැන එන්.ජී.ඕ නිහඩයි.

එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරක කියා මා කියනවා. යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.‘

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න