Image

ඡන්දය තියන දිනය මට තනිව තීරණය කරන්න බෑ - ඇමැති වජිර !

ඡන්දය තියන දිනය මට තනිව තීරණය කරන්න බෑ - ඇමැති වජිර !

පළාත් සභා සියල්ල සඳහා මැතිවරණය එකම දිනයක දී පැවැත්විය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය වුවත් මේ දිනය තීරණය කිරීමේ දී එය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට තනිවම කළ හැකි කාර්යයක් නොවන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය දා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක දී ය.

එහීදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පළාත් සභා ක්‍රමය මෙරට මුලින්ම ඇති කරන විට එයට දැඩි විරෝධයක් එල්ල වුණා. රටපුරා විශාල නොසන්සුන්තාවයක් ඇතිකරලා විනාශයක් කළා. පසු එම කණ්ඩායම් විසින් එය පිළිගෙන පළාත් සභා මැතිවරණවලට තරග කරලා මන්ත්‍රීවරුන් වුණා. ඒක හොඳයි. අපිත් බලාපොරොත්තු වුණේ එයයි. 1987 සිට පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වූවා. පසුව ඉකුත් ආණ්ඩු විසින් තම වාසිය තකා කොටස් වශයෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කළා. කොටස් වශයෙන් මැතිවරණ පැවැත්වීම නිසා ඇති වූ බරපතළම ඛේදවාචකය නම්, රාජ්‍ය බලය පැවැති ආණ්ඩුව ඒ සඳහා උපරිමයෙන්ම රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය භාවිතා කිරීමට ක්‍රියා කරමින් දූෂිත මැතිවරණ පැවැත්වීමයි. අපි ඒ් නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කළා පළාත් සභා මැතිවරණ එකම දිනකදී පවත්වන බවට. ජනතාව අපේ ප්‍රතිප්තතිය පිළිගෙන එයට අනුමැතිය ලබාදුන්නා. දැන් අපි ඒ පොරොන්දුව ඉටු කරනවා."

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය නව ක්‍රමය අනුව පැවැත්වීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි නියෝජනය නොවූ බවයි. එහි විශාල වරදක් ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එහි දී බහුතරයේ නියෝජනය විද්‍යාමාන නොවී සුළුතරය විද්‍යාමාන වන බවත් ගාල්ල මහ නගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයට නගර සභාවේ බලය අහිමිවීම එයට හොඳම උදාහරණය බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

අමාත්‍යවරයා පවසන්නේ පළාත් සභා සඳහා නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ පනත ගෙන ආවද එහි විශාල අඩුපාඩු පවතින බවයි.

'' 2015 සිට 2018.12.21 දින දක්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබු‍ණේ. එනිසා ඔවුන්ගේ මතය අනුව ක්‍රියා කරල තියෙන්නේ. විවිධ දේශපාලන පක්ෂ රැසකගේ අදහස් අරගෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් සකස් කර තියෙනවා. එහි විවිධ අඩුපාඩු රැසක් පවතිනවා. දැන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම එම ලිපිගොනු අධ්‍යනය කරමින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ක්‍රියා කරනවා. විෂයභාර අමාත්‍යවරයා තමා වුවද, මට මගේ තනිමතය අනුව ක්‍රියා කිරීමට මට හැකියාවක් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පිළිගත් දේශපාලන පක්ෂවල එකඟතාවය මත මෙම ප්‍රශ්නය විසදීමට කඩිනමින් ක්‍රියා කරනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් දෙමළ ජාතික සන්ධානයේ අදහස් අතුළු සියලුම දේශපාලන පක්ෂවල අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වෙනවා. ඒ අනුව ඔවුන්ගේ එකඟතාවය මත නව ක්‍රමවේදයකට ඡන්දය පවත්වන්නේද? නැතහොත් පැරණි ක්‍රමයට ජන්දය පවත්වන්නේද? යන්න තීරණය කරනවා. ඉන් අනතුරුව රටේ සියලු පළාත් සභාවල ඡන්දය එකවර පැවැත්වීමට කටයුතු කරනවා” යැයි ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න