Image

චාල්ස් සහ මංගල අතර සාකච්ඡා සාර්ථකයි !

චාල්ස් සහ මංගල අතර සාකච්ඡා සාර්ථකයි !

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර පසුගිය 02 වනදා සුහඳ සාකච්ජාවක් පැවති බවත් එම සාකච්ජා අතිශයින් සාර්ථක වූ බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසිය.

රේගු දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බරපතල වංචා දුෂණ යට ගැසීමට ඇතැම් නිලධාරීන් කටයුතු කර ඇති බව එහිදී අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා අදාල පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව ක්‍රියා කරන බවට ඇමතිවරයා එහිදී සහතික වී ඇත.

ඇමතිවරයා හා හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය අතර ඇමතිවරයාගේ නිල නිවසේ පැවති එම සාකච්ජාවේදී චාල්ස් මහත්මියට කිසිඳු ලෙසකින් අසාධාරණයක් සිදුවීමට ඉඩනොතබන බවට ද අමාත්‍යවරයා සහතික වී ඇති අතර ඒ අනුව චාල්ස් මහත්මිය හෙට (05) උදැසන අමාත්‍යංශයේ රාජකාරියට වාර්තා කිරීමට නියමිත බවත්, ඇයට විශේෂ වගකීම් සමුහයක් පැවරීමට නියමිත බවත් අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

චාල්ස් මහත්මිය ගෙනාවෙත් මංගල !

කැබිනට් මණ්ඩලය චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත්කරනු ලැබුවේ අමාත්‍ය මංගල සමරවීරගේ නිර්දේශය මත වන අතර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන චාර්ස් මහත්මිය, වසර 28ක පමණ කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටින්නීය.

කරුණාගේ තර්ජන සමයේත් අකුරට රාජකාරිය කරලා !

මීට පෙර වවුනියාව දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්,සහකාර දිස්ත්‍රික් ලේකම් සහ මඩකලපු දිස්ත්‍රීක් ලේකම් යන ධුරවල කටයුතු කරමින් ඇය එකල ජනතාව වෙත විශාල වැඩකොටසක් ඉටුකලේ දේශපාලන බලපෑම් වලටද නොබියව මුහුනදෙමිනි. කරුණා අම්මාන් හා පිල්ලෙයාන් වැනි දේශපාලනඥයින් ගෙන් ඇයට මරණිය තර්ජන පවා එල්ලවී තිබිණ.

චාල්ස් මහත්මිය යාපනය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර, රජරට හා පේරාදෙණිය යන විශ්ව විද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න