Image

ජනාධිපතිවරණයට සුදානම් වෙන්න : වෙල්ගම පොහොට්ටු පාක්ෂිකයන්ට දන්වයි !

ජනාධිපතිවරණයට සුදානම් වෙන්න : වෙල්ගම පොහොට්ටු පාක්ෂිකයන්ට දන්වයි !

වත්මන් ආණ්ඩුව පළාත් සභා ඡන්ද විමසීමට ප්‍රථම ජනපතිවරණය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන්කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ජන්ද විමසීම පවත්වනු ඇතැයි අපේක්ෂා නොකළ යුතු බවය.

එසේම පළාත් සභා ජන්ද විමසීමට අදාළව සම්මතවී තිබෙන පනත අහෝසි කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත් එසේ නොමැතිව පනත අහෝසි කල නොහැකි බවද මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ නියමිත දිනට ජනපතිවරණය පැවැත්වෙනු ඇති බවත් ඔක්තෝබර් අට දා ජනපතිවරණය ප්‍රකාශයට පත්කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මන්ත්‍රීවරයා,

පොහොට්ටුව වැටිලා නෑ. පොහෝට්ටුව වැටිලා නැත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයට මේ රටේ ජනතාව ආදරය කරන හින්දයි. මම කෙලින් කතා කරන මිනිහෙක්. මම කියන්න තියෙන දේ මුණටම කියනවා. සිරිසේන මහතාටත් කියනවා මහින්ද මහතාටත් කියනවා. දැන් ජනාධිපතිවරණය එනනේ. හිතන්න එපා මේ අය පළාත් සභා ඡන්ද විමසීම තියයි කියලා.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න