ජනාධිපතිවරයා නිදහස් දිනයේ නිදහස් දින උත්සවය අමතමින් කියා ජාතික ආණ්ඩු පිහිටුවීමට තමන් විරුද්ද බව පැවසූ නමුත් ජනාධිපති මුණගැසී ජාතික ආණ්ඩුව පිළිබඳ කරුණු පැහැදිළි කිරීමක් සිදුකිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් මේ වන විටත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුර කටයුතු සිදුකරමින් සිටින බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊට අදාළ යෝජනාව මේ වන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 113න ආණ්ඩුව සතුව ඇති බවද වාර්තා වෙයි.
ආණ්ඩුවේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාව පෙරදැඩිව මේ කටයුත්ත සිදුකරන අතර ඊට විරුද්ධවීමට නෛතික ප්‍රතිපාදන ජනාධිපති සිරිසේනට නොමැති බවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් ජාතික ආණ්ඩුව පිහිටුවීමට හැකියාව ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
