Image

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් : අද (05) විශ්‍රාම යයි !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් : අද (05) විශ්‍රාම යයි !

පොලිස් විශේෂ කාර්යය බලකාය බාර අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් අද(05) එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ.

1979 ජනවාරි මස 15 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූ ඒ මහතා පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරම්භක සාමාජිකයෙකුද වෙයි.

40 වසරක සිය සේවා කාලයේ විවිධ තනතුරු රැසක් හෙබවු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා මෙරට 11 වන පොලිස් විශේෂ කාර්යය බලකාය බාර අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගත්තේ 2016 වසරේ අගෝස්තු මස 19 වන දින ය.

පසුගිය වසර කිහිපය තුළ පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

කෙසේවෙතත් පොලිස් විශේෂ කාර්යය බලකායේ මීළඟ අණදෙන නිලධාරීවරයා පිළිබඳ පොලිස්පතිවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බවෙ වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න