Image

සිරිසේනගේ ඊළඟ ගැසට් එක: ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ගලවන්න !

සිරිසේනගේ ඊළඟ ගැසට් එක: ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ගලවන්න !

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ "ෆීල්ඩ් මාර්ෂල්" නාමය ඉවත් කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති සිරිසේන සූදානම් වන බවට පුවත් පළවෙමින් තිබේ.

මේ සම්බන්ධව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමඟ ජනාධිපති සිරිසේනට ඇති පෞද්ගලික ආරෝවට පළිගැනීමක් වශයෙන් එවැනි සූදානමක් පිළිබඳ අසන්නට ලැබී ඇති බවය.

එසේම එළඹෙන සතිය තුළ අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

මීට පෙර සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ "ෆීල්ඩ් මාර්ෂල්" නාමය ඉවත්කරන බවට ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සමඟ පවසා ඇති බවටද වාර්තා පළවිය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් නොලබුනේද ජනාධිපති සිරිසේනගේ ප්‍රතික්ෂේප කිරීම නිසාය.

කෙසේ වුවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා 2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සෑම රැළියක්ම ඇමතු සහ සුවිශේෂ මැදිහත්වීමක් සිදුකළ බවත් මේ වන විට සිරිසේන ජනාධිපති එදා තමන්ව ජයග්‍රහණය කරවීමට දායකවූ සියල්ලන් සමඟ දැඩි වෛරී ප්‍රතිපත්තියකින් කටයුතු කරමින් සිටින බවද එම දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න