Image

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට !

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට !

2019 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2,312ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, මේ වසර (2019) සඳහා රජයේ ආදයම් සහ වියදම් අන්තර්ගත විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු සියලු අමාත්‍යාංශ මෙන්ම පාර්ලිමේන්තුව, කොමිෂන් සභා ආදිය සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත මගින් මුදල් වෙන්කර තිබේ.

ඒ අනුව මෙවරද වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයට වන අතර, එය රුපියල් කෝටි 39,306කි. අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 29,239ක් වෙන්කර ඇති අතර, ජනාධිපති වැය ශීර්ෂය සඳහා රුපියල් කෝටි 1,355ක් වෙන්කර තිබේ. අගමැති වැය ශීර්ෂය සඳහා රුපියල් කෝටි 162ක්ද, විපක්‍ෂනායක වැය ශීර්ෂ සඳහා රුපියල් කෝටි 2.5ක්ද, පාර්ලිමේන්තු වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 358ක්ද වෙන්කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 484ක්, විදුලි සන්දේශ, ඩිජිටල්, යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 369ක් හා විද්‍යා තාක්‍ෂණ පර්යේෂණ අමාත්‍යාංශ සඳහා රුපියල් කෝටි 514ක් වෙන්කර තිබේ. බුද්ධශාසන අමාත්‍යාංශ සඳහා රුපියල් කෝටි 320ක්ද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 18,384ක්ද වෙන්කර ඇත.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 9,831ක්ද, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1,914ක්ද වෙන්කර තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 18,347ක්, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1,255ක්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ සඳහා රුපියල් කෝටි 6,918ක් විසර්ජන පනත් කෙටුම්පත මගින් වෙන්කර ඇත. මහාමාර්ග අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 17,553ක මුදලක්ද, කෘෂිකර්ම අමාත්‍යාංශ සඳහා රුපියල් කෝටි 11,429ක මුදලක්ද වෙන්කර තිබේ.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1,063ක්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 944ක්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 10,500ක් වෙන්කර ඇත. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 4,998ක මුදලක්ද, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 386ක මුදලක්ද වෙන්කර ඇත.

මේ වසරේ මුල් මාස 04 සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම මුදල්ද මෙම විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබේ.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු මස 05 වැනිදා ආරම්භ වීමට නියමිතය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න