Image

ජාතික ආණ්ඩුවට සහය දුන්නොත් : ශ්‍රීලනිපයෙන් එළියට දානවා - දයාසිරි

ජාතික ආණ්ඩුවට සහය දුන්නොත් : ශ්‍රීලනිපයෙන් එළියට දානවා - දයාසිරි

ආණ්ඩු පක්ෂය සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා ක‍ළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් බැවින් එක්සත් ජාතික පෙරමුණු රජය ඔවුන් සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් සැදී‍ම සදාචාරාත්මක නැති බව ද පැවසීය.

ජාතික ආණ්ඩුවක් සැදීමට ඔවුන් උත්සාහ කරන්නේ පක්ෂය තුළ ඇති අර්බුද විසඳාගැනීමට මිස රටට සේවයක් කිරීමට නොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න