ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව අද (5) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 178.83ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 174.98ලෙස දැක්වා තිබිණි.
පසුගිය දින කිහිපයේදීම රුපියල ශක්තිමත් වන බවක් පෙන්නුම් කෙරුණ අතර පසුගිය 1 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 180.19ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 176.34ලෙස දක්වා තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
