රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්.චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සදහා යළි එම තනතුරේ පිහිටුවා ඇත.
පී.එම්.එම්.චාල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තිය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිතර විය. සාධාරණ හේතු නොදක්වා ඇය එම තනතුරෙන් ඉවත් කර ඇතැයි යන චෝදනාවක් කරමින් ඔවුන් එසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල කටයුතු කළහ.
කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ චාල්ස් මහත්මිය එම තනතුරින් ඉවත් කරනු ලැබූවද ඒ සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව ද ඊයේ දිනයේ ඉවත් කර ගැනීමට විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියා කළේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත්කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය අවංක නිලධාරිනියකු වුවද ඇයගේ යම් පරිපාලන දුර්වලතා සැලකිල්ලට ගෙන ඇය එම තනතුරින් ඉවත් කිරීමට තමා පසුගිය සතියේ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ ද ඉන් අනතුරුව හෙළිදරව් වූ ඇතැම් කරුණු ද සැලකිල්ලට ගෙන එම කැබ්නට් සංදේශය ඉවත් කර ගන්නා බව මංගල සමරවීර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.
පි.එස්.එම්.චාල්ස් මහත්මිය අැතුළු රේගුවේ ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් පසුගිය වර්ෂය සදහා ඇස්තමේන්තු කළ ආදායම් ඉලක්කයට ළගාවීමට නොහැකිවීම පිළිබදව ඇමැතිවරයා මෙහිදී කරුණු දක්වා ඇත.
කෙසේ වුවද ගම්මිරිස්, පුවත් හා දුම්කොල අපනයනයේදී හා ආනයනයේදී මෙන්ම වාහන ආනයනයේදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍යවරයා කැබ්නට් මණ්ඩලය හමුවේ පවසා ඇත.
සබැදි පුවත්
චාල්ස් සහ මංගල අතර සාකච්ඡා සාර්ථකයි !
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
