රනිල් අඩියක් පස්සට : ජාතික ආණ්ඩු යෝජනාව හකුළයි !

රනිල් අඩියක් පස්සට : ජාතික ආණ්ඩු යෝජනාව හකුළයි !

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ඊයේ ( 06) රාත්‍රීයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් ජාතික ආණ්ඩු යෝජනාවට විරෝධය පළ කිරීම මෙම තීරණයට හේතු වී තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමෙන් පසුව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

අමාත්‍ය ධුර වැඩි කර ගැනීම නොව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර බාධාවකින් තොරව කටයුතු කිරීම වැදගත් බව එම පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද (07 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ස්ථාවර නියෝග අත්හිටුවා ජාතික ආණ්ඩුව පිළිබඳව විවාදය අද (07 දා) දිනයේම පවත්වා සවස ඡන්ද විමසීමක් සිදුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී ඊයේ (06) තීරණය කර තිබිණ.

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කීරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡුා කළ අවස්ථාවේදී විපක්ෂයේ සියලූම පක්ෂ විරෝධතාවයන් දක්වා ඇති බවද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න