සුදත් ද සිල්වා රේගු සටනින් මහ මැතිවරණයට !

සුදත් ද සිල්වා රේගු සටනින් මහ මැතිවරණයට !

රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම්, රේගු අධිකාරී සුදත් ද සිල්වා මහතා ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රීක්කය සඳහා තරඟ කිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මොහු මේවනවිට ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ආධාරකරුවකු ලෙස කටයුතු කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොරටුව නගර සභාවට තරඟ කළේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරින් ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව ඉකුත් 30 වැනිදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයේ ප්‍රකාශකයා බවට පත්ව සිටි මොහුට, ඉදිරි මහ මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත.

විෂයබාර අමාත්‍ය මංගල සමරවීර මහතා හා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර පසුගිය දා පැවති සාකච්ජා බිඳ දැමීමට බලවත් උත්සහයක් දරා තිබු සුදත් සිල්වා මහතා, මෙම අර්බුදය හරහා ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කරන බවට දයාසිරි ජයසේකර මහතාට සහතික වී තිබිණ.

ඒ අනුව ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජිකයින් වන එස්.බී. දිසානායක හා තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩු පෙරලීමේ මෙහෙයුමක් ලෙස රේගු වර්ජනය පෙරට ගෙන යාමට කටයුතු කරන බවට ජනාධිපතිවරයාට හා විපක්ෂනායකවරයාට සහතික වී තිබී ඇත.

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතා හා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය අතර එකඟතාවයක් ඇතිවීම වැලක්විම සඳහා සුදත් ද සිල්වා මහතා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට දිගින් දිගටම බලපෑම් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න