දයාසිරි, දැන් ඉස්සර වගේ නෑ - තලතා

දයාසිරි, දැන් ඉස්සර වගේ නෑ - තලතා

ඉස්සර වගේ මරණ දඩුවම නියම වෙච්ච උදවියට කිසිම දෙයක් සළකන්නේ නැතිව නිදහස දෙන යුගයක් දැන් නිමති බවත් අධිකරණයට තියෙන සියලුම ගෞරවය ඇතිව අධිකරණය විසින් දෙනු ලබන ඕනෑම තීරණයකට තීන්දුවකට අනුව කටයුතු කරන්න වත්මන් ආණ්ඩුව වග බලා ගන්නා බවත් අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මෙම අදහස් පළ කළේ මරණ දඩුවම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරිය 2019.01.05 වැනි දින ලබාදුන් පිළිතුරෙන් පාර්ලිමේන්තුව නොමග හැරිය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පසුගිය සිදු කරන ලද ප්‍රකාශයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

මම නැති වෙලාවේ සභාවේ හිටපු නැති වෙලාවේ අද ප්‍රශ්න අතරේ මම මේ සභාව නොමග ඇරියා කියලා කියලා තියෙනවා.මට කියන්නට සිද්ධ වෙනවා ඒ අය ඒ කාලේ ඒ ගැන එච්චර තැකුවේ නැති වුණාට මරණ දඩුවම නියම වෙච්ච එක කාන්තාවකට මරණ දඩුවම කෙසේ වෙතත් අඩු තරමේ ජීවිතාන්තය දක්වා අවුරුදු අවුරුදු 20 දක්වා කියන එක බලන්නේ නැතිව සළකන්නේ නැතිව දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මගෙන් ඇහුවා ජීවිතාන්ත 20 වස් 12 වස් සිවු වස් කියලා මේ බන්ධනාගාර ගත වෙච්ච අයගේ කාලය අවසන් කරන්න අපි කටයුතු කර ගෙන යනවා ද කියලා .ඒ කටයුතු අපි කර ගෙන යනවා.අදත් අපි බන්ධනාගාර පනතේ හැටියට තමයි වැඩ කටයුතු කරන්නේ .ඉස්සර වගේ මරණ දඩුවම නියම වෙච්ච උදවියට කිසිම දෙයක් සළකන්නේ නැතිව නිදහස දෙන යුගයක් නොවෙයි මේක.මේක අනිවාර්යයෙන්ම අධිකරණයට තියෙන සියලුම ගෞරවය ඇතිව අධිකරණය විසින් දෙනු ලබන ඕනෑම තීරණයකට තීන්දුවකට අනුව අපි කටයුතු කරන්න වග බලා ගෙන ඉන්නවා.ඉතිං නැවත වාරයක් මට කියන්න තියෙන්නේ මොනම අවස්ථාවකවත් අපි විරුද්ධ පක්ෂයේ හිටියා.

අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නවා.හෙට ආපහු විරුද්ධ පක්ෂයට ගියත් ගෙදර ගියත් රටේ ජනතාව නොමග අරින කථා කරන්න උත්සාහ කරන්නේ නැහැ .ඔය ඒ කථා කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා හැටියට කියන එක මතක් කරමින් අද දවසේ මේ කටයුත්ත කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීපු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා අතිරේක ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාටම මේ සදහා කාලය ලාබාදුන් සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න