මුරලි සිරිසේනව හමුවේ : අළුත් දේශපාලන දීගයක් ඇරඹේ !

මුරලි සිරිසේනව හමුවේ : අළුත් දේශපාලන දීගයක් ඇරඹේ !

සුප්‍රකට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පසුගිය බදාදා රාත්‍රියේ ජනාධිපති නිවසේදී සිදුව ඇති අතර එහිදී වතුකර ජනතාවගේ රුපියල් 1000/- වැටුප් ඉල්ලීම ඉටුකර දෙන ලෙසත් එසේ වුවහොත් ජනාධිපතිවරයාට වතුකරයෙන් යහපත් ප්‍රතිචාර ලබාදීමට තමන් මැදිහත් වන බව මුත්තයියා සිරිසේන ජනාධිපතිට පොරොන්දුවී ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයා හා මුරලිදරන් පමණක් සහභාගී වූ අතිශය පෞද්ගලික හමුවක් වූ මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ වතුකර ඡන්ද හැසිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.

මුරලි විසින් කරන ලද ඉල්ලීමට මැදිහත්ව ක්‍රියා කරන බව අනතුරුව ජනාධිපති සිරිසේන පවසා ඇති බවද වාර්තා වන අතර ඉදිරියේදී මුරලිදරන් ශ්‍රීලනිපයෙන් දේශපාලනයට පැමිණීම ගැනද අදහස් හුවමාරුව ඇති බවත් තම සහෝදරයන්ගේ ව්‍යාපාර කටයුතු ගැනද එහිදී මුරලි ජනාධිපති සිරිසේන සමඟ කතාබහ කර ඇති බවත් දැනගන්නට ඇත.

මෙහිදී සිහිපත් වන තවත් කරුණක් වන්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මුරලි ඇතුළු ඔහුගේ සහෝදරයන් රාජපක්ෂ පවුලට සමීපව ව්‍යාපාර කටයුතු කිරීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න