දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීමටත් සැරසෙයි !

දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීමටත් සැරසෙයි !

මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

මෙම රෝහලේ මෙතෙක් සිදු කරන ලද්දේ ස්වයං ඇටමිදුලු බද්ධයයි. එවැනි ඇටමිදුලු බද්ධ කිරීම් 50 ක් සිදු කර ඇත. දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරිම සදහා මහරගම අපේක්ෂා රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරිම පිළීබදව මෙහිදී සාකච්ඡා කරන ලදි. මෙම රෝහලේ දැනට කාමර 02 ක ඇටමිදුලු බද්ධයට නියමිත රෝගීන්  නතර කර ඇති අතර එම කාමර සංඛ්‍යාව 08 දක්වා වැඩිකර දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටියහ.  ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ අතරතවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කිරීමට ද තීරණය කරන ලදි.

දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරිම සදහා මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්වෛද්‍යවරුන් 05 ක්හෙදහෙදියන් 05 සහ රසායනාගාර විද්‍යාඥයින් 02 කට විධිමත් පුහුණුවක් ලබා දී ඇත. ඒ ඔස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර පිටි සෙන් වින්සන්ට් රෝහල මගිනි. අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු දායක ඇටමිදුලු බද්ධ කිරීම 2019 වසරේ දී ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සුදානමින් සිටින බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මෙහිදී පැවැසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න