මෝල් හිමියන්ට සහන දෙන්න : සිරිසේනගෙන් කැබිනට් පත්‍රිකාවක් !

මෝල් හිමියන්ට සහන දෙන්න : සිරිසේනගෙන් කැබිනට් පත්‍රිකාවක් !
සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලූ සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන්ට සහන  ලබාදීම පිළිබඳ කැබිනට් පති‍්‍රකාව අද (12) අමාත්‍ය මණ්ඩල රැස්වීමට යොමුකරන බව ජනාධිපති සිරිසේන පවසයි.
 
ජනාධිපති සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් සමග ඊයේ (11) පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේ පැවති හමුව අමතමිනි. 
 
ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලූ විසඳමින් සියලූදෙනාට උපරිම සහන ලබාදීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව කටයුතු කරන බවද  ජනාධිපති එහිදී  සඳහන්  කර ඇත.
 
එමෙන් ම රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව ම ප‍්‍රමුඛතාවය ලබා දී ඇත්තේ නැගිට ඇති පිරිස් තවත් නගාසිටුවීමට නොව වැටී සිටින පිරිස් නගාසිටුවීමට බවද ජනාධිපති පවසා ඇති අතර  දිළිඳු  ජනතාව ඇති හැකි පිරිසක් ලෙස නගාසිටුවීමට ප‍්‍රමුඛතාවය ලබාදෙමින් පුළුල්  වැඩසටහනක් කි‍්‍රයාත්මක කර තිබෙන බව ද පවසා ඇත.
 
නව ආර්ථික ක‍්‍රමවේදයන් සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශය  සහයෝගයෙන් රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා ශක්තිමත් ගමනක් යාමේ වැදගත්කම ද මෙහිදී සිරිසේන ජනාධිපති පෙන්වාදී ඇත.
 
කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය පී. හැරිසන්, පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද දිස්ති‍්‍රක් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු  රාජ්‍ය නිලධාරින්  මෙම හමුවට එක්ව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න