කොකේන් ගහන අමාත්‍යවරුත් ඉන්නවා - රන්ජන්

කොකේන් ගහන අමාත්‍යවරුත් ඉන්නවා - රන්ජන්

කොකේන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බව  රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

ඊයේ (11) මහනුවර - කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.  

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බවද අමාත්‍යවරයා පැවසු අතර ජනපති සිරිසේන මහතාටත් එහි ගෞරවය යා යුතු බවත් පැවැසීය.

මධූෂ්ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වසර එක හමාරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ බවත් සඳහන් කල අමාත්‍යවරයා මත්කුඩු ව්‍යාපාරිකයන්  තමන්ට විරුද්ධව නඩු දමා ඇති බවත් මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ට සමග තමන් ගනුදෙනු නොකරන බවත් සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න