සීගිරිය නරඹන වෙලාව වෙනස් වෙයි !

සීගිරිය නරඹන වෙලාව වෙනස් වෙයි !

සංචාරක පහසුව සඳහා එළඹෙන 15 වනදා සිට සීගිරිය නැරඹුම් වේලාවන් සංශෝධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දැනට උදෑසන 08.00 සිට සීගිරිය නැරඹීම සඳහා සංචාරකයින්ට අවස්ථාව හිමිවන අතර නව සංශෝධනයන් අනුව උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සීගිරි ව්‍යාපෘති කලමනාකරු විශ්‍රාමික මේජර් අනුර නිශාන්ත කියා සිටියේ, මීට පෙර නැරඹුම් වේලාවල උදෑසන 7.00 ට ආරම්භ වු බවයි.

සංචාරකයන්ගේ පැමිණිම උදෑසන කාලයේ වැඩි වශයෙන් සිදුවන බවත් එහිදී සිදුවන තදබදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවත් ඒ මහතා පැවසීය.

විදේශ සංචාරයකින් උදෑසන කාලයේ සිගිරිය නැරඹීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද ඒ මහතා පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න