දකුණ මෙන්ම උතුරත් ලෝකයට විවෘත කළ යුතුයි - අගමැති රනිල්

දකුණ මෙන්ම උතුරත් ලෝකයට විවෘත කළ යුතුයි - අගමැති රනිල්

දකුණ ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය පදනම සැකසූ සේම උතුරත් ලෝකයට විවෘත කොට මුළු රටේම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට සලස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පාඩු ලබමින් සුදු අලි බවට පත්ව තිබූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දැන් ක්‍රියාශීලි ගමනාගමන ප්‍රවාහන කේන්ද්‍රස්ථාන බවට පත්වෙමින් පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පලාලි ගුවන් තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය ද ප්‍රධාන පෙලේ මගී හා වාණිජ තොටුපොළවල් ලෙස සංවර්ධනය කරන බවද පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඊයේ (15) මන්නාරම සංස්කෘතික ශාලාවේදී පැවති ජනහමුවක් අමතමිනි.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සංවිධානය කර තිබූ මේ ජනහමුව අමතමින් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසූයේ මන්නාරම ප්‍රදේශය සංවර්ධනය කරලීම සඳහා විශේෂ සැලසුම් ගණනාවක් දැන් ක්‍රියාත්මක බවය.

තලෙයිමන්නාරම හා දකුණු ඉන්දියාව අතර මගී හා බඩු භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක් ආරම්භ කිරීම සඳහා ක්‍රියාකරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වික්‍රමසිංහ මහතාගේ මන්නාරම් සංචාරය ඔස්සේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත් හා ක්‍රමවත් කරලීමේ අවකාශ උදා වූ බව රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන අමාත්‍යවරුන් ද එක්ව සිටියහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න