සිරිසේනට පව් පළිසන්දීලා - රංජිත් සොයිසා

සිරිසේනට පව් පළිසන්දීලා - රංජිත් සොයිසා

සිරිසේන මහතාට දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දී ඇති බැවින් ඡන්දය පැවත්වන ලෙස ප්‍රකාශ කරමින් සිටීමට සිදුව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ඊයේ (15) කෑගල්ලේ පැවති විරෝධතාවකදී ඔහු මේ බව සඳහන් කල අතර ඡන්දය කල් දමමින් තපස්සු - භල්ලුක වෙළඳ දෙබෑයන් මෙන් සිටි රනිල් වික්‍රමසිංහ මහතා සහ සිරිසේන මහතා අද දෙපැත්තකට කැඩී ඇති බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පොහොට්ටු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න