ඩඩ්ලිගේ හෝටලය ඉදිරියේ නීතිය නැවුණු නැවිල්ල !

ඩඩ්ලිගේ හෝටලය ඉදිරියේ නීතිය නැවුණු නැවිල්ල !

ජනාධිපති සිරිසේනගේ සහෝදරයකු වන ඩඩ්ලි සිරිසේන විසින් උණවටුන වෙරළ ආශ්‍රිතව ඉදිකරන දැවැන්ත හෝටලයේ නෛතික පසුබිම දයා නෙත්තසිංහ මාධ්‍යවේදියා සිය ෆේස්බුක් ගිණුම හරහා දිගින් දිගටම ප්‍රශ්න කෙරෙමින් පසුවෙයි.

ඊට අදාළ අනාවරණ කිහිපයක්ම ඔහු විසින් මේ වන විට සිදුකර ඇති නමුත් වගකිව යුතු කිසිඳු පාර්ශවයක් මේ සම්බන්ධව ක්‍රියාත්මකවීමක් දක්නට නැත.

පහත පළවන්නේ ඩඩ්ලි සිරිසේනගේ හෝටලයට අදාළ ඉදිකිරීම් වල නෛතික බව ප්‍රශ්න කරන තවත් අනාවරණයකි.

"නීතිය නවන්න පුලුවන් ද...?නීතිය ක්‍රියාවට නගන්නේ පාලකයාගේ කැමැත්තට අනුව ද...?එහෙමත් නැත්නම් ජනාධිපති ගේ පවුලේ අයට විධායක මුක්තියේ ආනුභාවයෙන් රටේ පවතින නීතිය උල්ලංගනය කල හැකිද ....?මිත්‍රවරුනි "යහ පාලනයේ" නාමයෙන් ජනාධිපති සිරිසේන ඊට පිලිතුරක් දී තිබේ .පහත දැක්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන සංචාරක කලාපයේ හෝටලය ක් ඉදිකිරීම සදහා ඒ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශය ඉල්ලා යවන ලද ලිපියට ලද පිලිතුරු ලිපියයි.....කොන්දේසි 19 කි...!අහෝ මේ කොන්දේසි කිසිවක් ඩඩ්ලිගේ අරලිය හෝටල් ව්‍යාපෘතිය ට අදාල වූයේ නැත.එසේ වන්නේ කෙසේදැයි අසා සිටින්නේ කාගෙන්ද....?"

දයා නෙත්තසිංහ

සබැඳි පුවත්

සිරිසේනගේ මෝල් ප්‍රතිපත්තිය : ඩඩ්ලිගේ හෝටලයෙන් එළියට පනියි !

උණවටුනේ අල්ලස් බෝධිය : ඩඩ්ලිගේ තවත් ආගමික සත්කාරයක් !

52100052 2260546740635332 1222569776610541568 n

52134207 2260546930635313 1268751124697972736 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න