ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයට කලු පැල්ලමක් එක්කරමින් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ සහයට දියත්වූ පාර්ලිමේන්තු කලහයට අදාල වාර්තාව සභාගතකර ඇත.
කතානායක කරූ ජයසූරිය විසින් ඊයේ (22) මෙම වාර්තාව සභාගතකර ඇති අතර පාර්ලිමේන්තු දේපළට හානි සිදුකරමින්, පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු සහ පොත්පත්වලින් දමා ගසමින් කළහකාරී ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් නව දෙනෙකුගේ නම් එහි ඇතුලත් බවද වාර්තා වෙයි.
මේ මන්ත්‍රීවරුන් අතුරින් පොලිස් නිළධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව රාජ්‍ය නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීම සිදුකරන බව කී කතානායකවරයා සභා ගැබෙහි දේපළවලට හානි කිරීම, මුලසුනට අවනත නොවීම වැනි චෝදනාවන්ට ලක්‌ව සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ දඬුවම් කරන බවද පැවැසුවේය.
පාර්ලිමේන්තු රැස්‌වීම පැවැත්වූ නොවැම්බර් 14, 15 සහ 16 යන දින තුන තුළදී සභාගැබෙහි කලහාකාරි ලෙස මන්ත්‍රීවරුන් හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායකවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මෙසේ සභාගත කරන ලදී.
මෙම ලේඛනයේ පලමු නම් සදහන් මන්ත්‍රීවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු වන අතර ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ දෙවැනි සහ තෙවැනි නම් සදහන් මන්ත්‍රීවරුන් වන බවද වාර්තා වෙයි .

