ජනාධිපතිවරණයද තනියෙන් ජයගත හැකි යයි සිත උද්දච්චයන් පිරිසක් තම පාර්ශවයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි.
ශ‍්‍රීලනිප හා පොහොට්ටුව අතර නව සන්ධානයක් ගොඩනගනවාට විරුද්ද පිරිසක් සිටින බවත් මැතිවරණයක් ජය ගැනීමට නම් එක් කර ගත හැකි එක් කර ගත හැකි සියළු පිරිස් එක් කර ගත යුතු බව ඔවුනට නොතේරෙන බවත් මන්ත‍්‍රීවරයා කියයි.
තනිව දිනන්න හැකියයි උද්දච්ච ලෙස කල්පනා කලහොත් නියමිත ජයග‍්‍රහණය නියමිත ලෙස නොලැබෙන බවත් විශේෂයෙන් ජනාධිපතිවරණය තනිව ජයගත හැකි යයි සිතීම සතුරාගේ උවමනාව ඉටු කිරීමක් බවත් ඔහු කියා සිටී.
මීලග ජනාධිපතිවරයා විය යුතු යයි මෙරට සුවහසක් ජනතා ප‍්‍රාර්ථනය වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බවත් එම මහජන ඉල්ලීම තමන්ද නියෝජනය කරන බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ විවේචනය කරනුයේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂව බවය.
ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානය සම්බන්ධව බැසිල් රාජපක්ෂ දැක්වූ අදහස් මෙන්ම ගෝඨා - බැසිල් ගැටුම මීට හේතුවී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

