කොකේන් භාවිතා කරන එක මන්ත්‍රීවරයෙක්වත් වත්මන් පාර්ලිමේන්තුවේ තුල නොමැති බව තමන් වගකීමෙන් සහතික වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අද (23) වත්තේගම නගර සභා ශාලාවේදී පැවැති උත්සවයක් අමතමින් අමාත්‍ය වරයා මේ බව පැවසීය.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ආසනයේ නව එක්සත් ජාතික පක්ෂ සංවිධායක වශයෙන් පත් කර සිටින හිටපු පළාත් සභා අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පිළිගැනීම සඳහාය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ දේශපාලඥයින් හැටියට විවිධ පුද්ගලයින් ආශ්‍රය කිරිමට සිදු වන බවත් ඒ අතරේ උගත් බුද්ධිමත් පිරිස මෙන්ම විවිධ තරාතිරම්වල පුද්ගලයන් සිටින බවයි.
එවැනි අවස්ථාවකදි විවිධ තරාතිරම්වල ජනතාව ආශ්‍රය කිරිම සම්බන්ධයෙන් දේශපාලඥයින්ට චෝදනා එල්ල කිරිම වැරදි බවද මන්ත්‍රීවරයා පවසයි.
කෙසේ නමුත් චෝදනා එල්ල වී ඇති බැවින් එම චෝදනා රහස් පොලීසියට භාර දී විමර්ෂණ කටයුතු සිදු කළ යුතු බව තමන් අග්‍රාමාත්‍යවරයාටද දැනුම් දුන් බව අමාත්‍යවරයා පිරිස අමතමින් ප්‍රකාශ කළේය.

