තරුණයන් ඝාතනය කල පොලිස් නිලධාරීන්ගේ ලේ වැකි නිල ඇදුම් පුලුස්සලා :

තරුණයන් ඝාතනය කල පොලිස් නිලධාරීන්ගේ ලේ වැකි නිල ඇදුම් පුලුස්සලා :

රත්ගම බූස්සරත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසුව අපරාධයට සහභාගි වූ නිලධාරීන් ඇඳසිටි ලේ තැවරුණු පොලිස් නිලඇඳුම් පුලුස්සන ලද ස්ථානය ලෙස සැකකරන මාතර වැල්ලමඩමේ ගෙවත්තක් අද (23) 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කර ඇති බව වාර්තා වෙයි.

නිල ඇඳුම් ගිනිතැබූ ස්ථානය පරීක්ෂා කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්ෂකවරයකුගෙන් ලබාගත් තොරතුරු අනුවය.

විමර්ශන කණ්ඩායම් දැනට සැකකරන්නේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ පැවැති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් මෙම අපරාධය සිදුකර තිබෙන බවය.

මාතර වැල්ලමඩමේ නිවසක කාමරයක සැකකාර පොලිස් පරික්ෂක කපිල නිශාන්තද සිල්වා යන අය තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. මෙම නිවසේ හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින බවද කියැවේ.

ව්‍යාපාරිකයින් දෙදෙනාට පහරදී ඝාතනය කර වලස්මුල්ලේ රක්ෂිත වනාන්තරයකට රැගෙන ගොස් සිරුරු පුලුස්සා දැමීමෙන් අනතුරුව සැකකාර පොලිස් නිලධාරීන් පිරිස ඇඳ සිටි ලේ තැවරුණු නිලඇඳුම් මාතර වැල්ලමඩමේ ගෙවත්තේ කසල පුලුස්සන ටැංකියට දමා ගිනි තබා විනාශ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

වැඩිදුර පරික්ෂණ සඳහා එම අළු සාම්පල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.

පොලිස් කෙරුමන් මිසිං !

මේ අතර අදාල ඝාතනය සම්බන්ධව චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු පිළිබඳව කිසිඳු තොරතුරක් නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා ඇතුළුව එම ඒකකයේ 15 දෙනෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පළාතෙන් පිටත පොලිස් ස්ථාන වෙත වහා ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා තිබෙන අතර ඊට අදාල පණිවුඩය ලබා දීමට ඔවුන් සොයන අවස්ථාවේදී ඒ ගැන හෙළිවී ඇත.

ඒ අනුව පෙබරවාරි 22 සිට ඔවුන් නොදන්වා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බවට පොලිස් පණිවුඩ මගින් දැනුම් දී තිබේ.

රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වැනි දින පැහැර ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු 13 දෙනෙකු නිල නොවන ආකාරයට සහභාගී වී තිබෙන බව පරික්ෂණ වලදී අනාවරණයවී ඇත.

ඔවුන්ගෙන් පොලිස් පරීක්ෂකවරයකු දැනටමත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අතර තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු රැඳවුම් නියෝග යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බාරයේ තබා ගෙන ප්‍රශ්නකර ගෙන යයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න