ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සිරිසේන ජනාධිපතිට පොහොට්ටුවෙන් ඉදිරිපත්වීමට ඉඩනොදෙන බවත් පොහොට්ටුවේ අදහස ඒ සඳහා රාජපක්ෂවරයෙක් ඉදිරිපත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.
ඒ අනුව සිරිසේන මහතාට 'පොහොට්ටුවේ' සහය හිමි නොවනු ඇතැයි ද ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මේ බව සඳහන් කර සිටියේ පසුගියදා හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
පේන විදිහට ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආයෙත් ඉල්ලනවා. මේ අවුරුද්ද මැතිවරණ වසරක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පහුගිය අවුරුදු හතරේ හරියට රටට දැනෙන වැඩක් කළේ නෑ. ඒත් මේ අන්තිම අවුරුද්දේ මෛත්‍රීපාල මහත්තයා වැඩ කරනවා.
දැන් මත්ද්‍රව්‍ය අල්ලනවා. පාතාලය නැති කරනවා. ඒ විදිහට බලනකොට මෛත්‍රීපාල මහත්තයා ආපහු ජනාධිපති ධුරයට ඉල්ලයි.
මම වුණත් සහයෝගය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාම එනවානම්. එහෙම නැතිනම් මම සහයෝගයක් දෙන්නේ නෑ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
