සිරිසේන සයිබර් මෙහෙයුමකට මිල ගණන් කැඳවලා !

සිරිසේන සයිබර් මෙහෙයුමකට මිල ගණන් කැඳවලා !

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනාධිපති සිරිසේනගේ ප්‍රතිරූපය නැංවීම වෙනුවෙන් විශේෂ පරිගණක ඒකකයක් පිහිටුවීමට යන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ යටතේ මේ වන විටත් අදාළ පරිගණක මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇති බවත් සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රුපියල් කෝටි ගණනක මුදලක් මේ සඳහා වැයකෙරෙනු ඇති බවය.

තවද දූෂණය නාස්තිය ගැන එක්සත් ජාතික පෙරමුණට විවේචනය කරන ජනාධිපති සිරිසේනව විවේචනය නොකරන ප්‍රතිපත්තියක් ආණ්ඩුවේ ඇති බැවින් ජනාධිපති හිතුමතේ පාලනයක් ගෙන යමින් සිටින බවත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පවා මේ හමුවේ සීතල නිහැඬියාවක සිටීම ඉතා ප්‍රශ්නකාරී බවද සඳහන් කරයි.

මේ අතර ජනාධිපති කාර්යාලය මිලදී ගැනීමට සුදානම් වන මහා පරිමාණ පරිගණක ගනුදෙනුව සම්බන්ධව මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර එහි මෙසේ දැක්වේ.

'මහ තක්කඩින්ගේ' අනුහසින් 'තරුණ තක්කඩි' මහජන මුදලින් සයිබර් මඩවල ආයෙ ආයෙ ඉහින්න සැරසෙන පාටයි!

Fake profiles, web sites, mud campaigns දහස් ගණන් සෑදෙන්න නියමිත බව නොවෙදෝ මේ මුමුණන්නේ. ඒ සැකයට කදිම උදාහරණ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට නොදුටුම්දෝ...

වර්තමානයේ මේ නිහැඬියාව අනාගතය උදෙසා මුමුණන්නේ එය බවයි දැනෙන්නේ...

දැන් බලයේ සිටින මහ තක්කඩින්ට පසුව එනම් මෛත්‍රීපාල - මහින්ද - රනිල් මෙන්ම වමේ දේශපාලනය යන ඕනෑම නාමකරනයක් හරහා ඊලඟට දේශපාලන බල පොරය වෙනුවෙන් එන්න දත කන්නේද මේ 'තරුණ තක්කඩි' බව මෙසේ ලියා තබමි!

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ මානව නිදහස ඇහිරූ පාලකයෙකු හෝ පාලකයන් විසින් පාලනය කරනු ලබන සීමිත රටවල් කීපයක තිබෙන 'රාජ්‍ය සයිබර් හමුදාවක්' හරහා මහජනතාවගේ සමාජ මාධ්‍ය නිදහස අහිමි කිරීමේ මර්දනයේ නව ස්වරූපයන්ද මේ සා විය හැක!

මහජනතාවට සහ අනාගතයට බාරයි!

ස්තුතියි!

53097282 10212496742204724 2562820089468420096 n

Capture

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න