නයා තනියම පොලේ යයි : වීරවංශගෙන් මහින්දට කනේ පාරක් !

නයා තනියම පොලේ යයි : වීරවංශගෙන් මහින්දට කනේ පාරක් !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පෙළ ගැසී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ උවමනාවට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාවීමේ සම්භාවිතාව රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා අවම බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ ජනාධිපතිවරණය නොපැවැත්වීමට බවත් ඔහු පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව සාකච්ඡා පැවැත්වීමත් සමඟ නැවත විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමේ මාතෘකාව කරලියට පැමිණ ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම රටේ ජනතාවගේ ඉල්ලීම බවත් ඊට තමාද දැඩි කැමැත්තෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද පසුගියදා පැවසීය

නමුත් විමල් වීරවංශ පවසා සිටියේ විපක්ෂ බලවේගය සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අසනීපය සුව කිරීමට නොවන බවයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ නොතබව බවයි.

නයා තනියම පොලේ යයි !

වීරවංශ මන්ත්‍රීවරයාගේ මේ අදහස් දැක්වීම සම්බන්ධව දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ අහිගුණ්ඨිකයා නැතුව තනියම පොලේ ගිය නයාට අත්වූ ඉරණමකට සමාන ඉරණමක් හමුවේ වීරවංශ මන්ත්‍රීවරයා සිටින බවය.

මේ වන විට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමග පවා ඔහු ගැටුම් ඇතිකර ගෙන සිටින බවත් මේ සිදුකර ඇති ප්‍රකාශය ද මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පසුගියදා විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීමට පක්ෂව සිදුකළ ප්‍රකාශය ට විරෝධය දැක්වීමක් ලෙසද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව දේශපාලන විචාරකයන් අවධාරණය කරන්නේ රාජපක්ෂ පවුලේ තිබෙන බල අරගලයේදී ඊට අනවශ්‍ය මැදිහත්වීමක් වීරවංශ මන්ත්‍රීවරයා සිදුකරන බවත් එහි ඵල විපාක ඉදිරියේ දී දක්නට ලැබෙනු ඇති බවත් ය.

ඇතැම් විට වීරවංශ මන්ත්‍රීවරයා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අනුගමනය කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමේ ක්‍රමයක් ගැන විශ්වාසය තබා ඇති බවක් පෙනෙන්නට ඇති නමුත් රාජපක්ෂ කදවුරේ වෙල්ගම ට ඇති දේශපාලන පෞරුෂය තමන්ට නොමැති බව වීරවංශ මන්ත්‍රීවරයා තේරුම් ගත යුතුව ඇති බවද විචාරක මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න