මහින්දව රකින එකම විකල්පය ශිරන්ති විතරමයි - ලාල් කාන්ත

මහින්දව රකින එකම විකල්පය ශිරන්ති විතරමයි - ලාල් කාන්ත

මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාව තව කාලයක් ආරක්ෂා කර ගැනීමටත් ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙතට දේශපාලනය මාරු කරගන්නත් හොඳම උත්තරය ශිරන්ති රාජපක්ෂ බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

දිනපතා පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එළඹෙන ජනාධිපතිවරණයක් හමුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට දැවැන්ත දේශපාලන අභියෝගයක් තිබෙන බවත් ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා මහින්ද නොවන නිසා අපේක්ෂකයකු ඉදිරිපත් වුණු මොහොතේ සිට මහින්ද රාජපක්ෂ වටා මේ වනවිට ගොඩනැඟිලා තියෙන දේශපාලන බලය වහාම ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙතට මාරු වෙන නිසා බවත් එහිදී අවධාරණය කර ඇත.

මෙහිදී දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පෙන්වා දෙන්නේ එවැනි වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත්වන පසුබිමක මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාව අවසන් වන බවය. එය ගෝඨාභය ඉදිරිපත් කළත් බැසිල් ඉදිරිපත් කළත් සිදුවෙන බවත් තවමත් නාමල්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි බවත් එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න