මිග් ගනුදෙනුව හමුදා ඉතිහාසයේ ඉහලම විනිවිදභව තිබුණු ගනුදෙනුවයි - ගෝඨා

මිග් ගනුදෙනුව හමුදා ඉතිහාසයේ ඉහලම විනිවිදභව තිබුණු ගනුදෙනුවයි - ගෝඨා

තමන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කල සමයේ සිදුකල මිග් යානා ගනුදෙනුව ලංකා හමුදා ඉතිහාසයේ විනිවිදභාවයෙන් ඉහළම ගනුදෙනුව බව ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ එළිය සංවිධානය පසුගියදා පැවැත්වූ වැඩසටහනක් අමතමින්ය.

එසේම අදාළ මිග් යානා අවශ්‍ය බව කාලයක් තිස්සේ ගුවන් හමුදාව පෙන්වාදී තිබු බවත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු සාමය තුල අසාර්ථක සාම සාකච්ඡා නිසා එය සිදුනොවූ බවත් ඔහු පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා,

මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආවට පසු ගුවන් හමුදාව එම යෝජනාවම ඉදිරිපත් කළා. අපි ඒ යෝජනාව සලකා බලද්දී අපිට වැටහී ගියා මේ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා මේ ප්‍රහාරක ගුවන් යානා ලබාදිය යුතුයි කියලා. මොන වර්ගයේ ගුවන් යානාද අවශ්‍ය කියන එක තේරුවෙත් ගුවන් හමුදාව. ගුවන් යානාවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සිදු කෙරුණෙත් ගුවන් හමුදාව ප්‍රමුඛ මණ්ඩලයක් මඟින්. මිල තීරණය කිරීම සඳහාත් වෙනම කමිටුවක් තිබුණා. මිල ගණන් ලැබුණට පසු සාකච්ඡා කර එම මිල ගණන් අඩු කිරීමට හැකියාවක් තිබෙනවාද යන්න සොයා බැලීමටත් වෙනමම කමිටුවක් පත් කළා. මේ වගේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ක්‍රමවත්ව විනිවිද භාවයකින් යුතුවයි එම ගුවන් යානා මිලදී ගත්තේ. මේ විදියට තමා අපි සෑම ආයුධයක්ම ගත්තේ. මෙවැනි විනිවිදභාවයක් රටක් තුළ ආයෝජකයෝ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආණ්ඩුවක් තෝරා ගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි. මෙවැනි ආණ්ඩුවක් තුළ තමා මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ.

කෙසේ වුවත් මෙම මිග් ගනුදෙනුව බරපතල වංචාවක් බවට තොරතුරු ඇති අතර පහත අනාවරණය ඊට සාක්ෂි දරයි. කෙසේ වුවත් මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ඇති චෝදනා පදනම් විරහිතව ඉවත්කිරීමේ සුක්ෂම උපායක් අනුගමනය කරන බවක්ද පෙනෙන්නට ඇත.

මිග් යානා ගනුදෙනුවේ සුලමුල !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න