IMF ණය වාරිකය අනුමතයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති 6 වැනි ණය වාරිකය ලබාදීමට අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් මෙරටට හිමිවීමට නියමිතය.

ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මැනුඑලා ගොරති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පසුගිය පෙබරවාරි 14-28 කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවූ අතර එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමද සිදුවිය.

මෙහිදී තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සමාලෝචනය සිදුකරන ලද අතර එහිදී ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ.

තවද ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම පස්වන සමාලෝචනය 2019 මැයි මාසයේ දී සම්පූර්ණ කිරීමට නියමිත අතර එහිදී එළඹෙන මාර්තු 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැයෙහි විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන් ඇතුළුව මේ පිළිබඳව වැඩිදුරටත් සමාලෝචනය කර ඇත.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න