Language Switcher

V2025

රජෙක් සෙවූ රන් අසිපතේ කෙරුවාව මෙන්න!

දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව අක්මීමන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර එම පැමිණිල්ලට අදාලව කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ. පොලීසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින විට අද උදෑසන නීතීඥයෙක් සමග පැමිණ පොලීසියට භාරවී තිබේ.

පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය.

හබරාදුව පොලිස් වසමේ පදිංචි දැරියකට ශාන්ති කර්ම කිරීම සදහා එම පවුලේ අය ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගේ දේවාලයකට ගොස් ඇත. එම දැරියට පමණක් නොව ඇගේ වැඩිමහල් සොයුරියටත් විශක් ශරීර ගතවී ඇති බව කියමින් මොහු ඇයටත් වෙනම ශාන්තිකර්මයක් කළ යුතු බව පවසා ඇත. එයට දැරියන්ගේ දෙමාපියන්ගේ විරෝධතාවයක්ද තිබී නැත.

ඒ අනුව සියලුදෙනාම එක්වර දේවාලය තුළට ගත නොහැකි බව පවසමින් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර දේව කන්නලව්වක් කර තිබෙන අතර එක් එක්කෙනා බැගින් ගෙන ඔවුන්ට ශාන්තිකර්මය කර තිබේ. විෂ ශරීරගතවී ඇති බව කියූ දැරියත් මේ ආකාරයටම තනිවම දේවාලයට තුළට ගෙන ඇත.

දැරිය නිවසට පැමිණි පසුව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විෂ ඉවත් කළ ආකාරය විස්තර කර ඇත. ඇගේ දෙමාපියන්ට දෙවියන් සිහිවී ඇත්තේ ඒ අවස්ථාවේදීය. වහාම දැරියත් රැගත් ඇගේ මව හබරාදුව පොලීසියට ගොස් පැමිණිල්ලක් කිරීමට උත්සාහ ගෙන ඇත. එහෙත් සිද්ධිය සිදුව ඇත්තේ අක්මීමන පොලිස් වසමේදී වන බැවින් අක්මීමනට ගොස් පැමිණිල්ල ඉදිරිපත් කරන්නැයි හබරාදුව පොලීසියේ නිලධාරීන් පවසා ඇත.

ඒ අනුව අක්මීමන පොලීසියට ගොස් පැමිණිල්ල කර ඇත. අක්මීමන පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස දැරියගේ මවට නොයෙක් බලපෑම් එල්ලවී තිබෙන බවද ආරංචිමාර්ග පවසයි. කෙසේ හෝ දැරියගේ පියා මෙම පැමිණිල්ල ඉවත් කරගැනීමට කැමැත්තක් දක්වා ඇති අතර ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව එය විභාග නොකර ඉවත් කරගැනීමට නොහැකි නිසා පොලීසියට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සිදුව තිබේ.

කෙසේ හෝ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුවත් පොලීසිය මගහරිමින් සිටී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද උදෑසන පොලීසියට භාරවී ඇත්තේ නීතීඥයෙක් මාර්ගයෙන්ය.