මනිලොන්ඩරින් සේනානි යොදවා නාමල් ගහන අලුත් ගේම මනූෂ හෙළිකරයි

මනිලොන්ඩරින් සේනානි යොදවා නාමල් ගහන අලුත් ගේම මනූෂ හෙළිකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර චෝදනා කරයි.

ඊයේ (27) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව අණාවරණය කර සිටියේය.

කුවේට්හි සුරක්ෂා නිවාසයේ සිටින ශ්‍රමික කාන්තාවන් 34 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටිකට්පත් සූදානම් කර තිබියදී රාජපක්ෂ මන්ත්‍රීවරයා සේනානි නම් කාන්තාවකට මුදල් එකතු කරන ලෙස දන්වා ට්විටර් පණිවිඩයක් යවා තිබෙන බව බවද මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසීය.

නාමල් රාජපක්ෂ විදෙස් ගත ශ්‍රමිකයන් නොමග යවා සිය අරමුණු ඉටුකර ගැනීමේ පහත් දේශපාලනයක නිතර වන බවද මෙහිදී මන්ත්‍රීවරයා චෝදනා කලේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සඳහන් කළේ මෙම සේනානි නම් කාන්තාව මීට පෙර මුදල් විශුද්ධිකරණ යටතේ චෝදනාවට ලක්වූ තැනැත්තියක් බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න