රාජ්‍ය නායකයා සිරිසේන බව පියදාසට අමතක වෙයි : සියලු පව් එජාපෙට !

රාජ්‍ය නායකයා සිරිසේන බව පියදාසට අමතක වෙයි : සියලු පව් එජාපෙට !

යහපාලන ජාතික රජය යටතේ පසුගිය වසර 04ක කාලය තුළ සිදුවූ දූෂණ, වංචා හේතුවෙන් ආර්ථික, සමාජීය සහ ප්‍රජාතාන්ත්‍රවාදී යන සෑම අංශයකින්ම රට කඩා වැටී ඇති බවත් මෙම තත්ත්වයට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මැතිඇමතිවරුන් වගකිව යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස පවසයි.

අද(01) කොළඹ සෙමා ගොඩනැගිල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.

රට යළි ගොඩ නැගීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලනයට එරෙහි පුළුල් විද්වත් කථාකාවක් ගොඩ නැගිය යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මෙසේද පැවසීය.

“මේ දිනවල රටේ ඉතාම දරුණු ආර්ථික අර්බුදයක් තියෙනවා. මාසික වැටුප් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම පවා ප්‍රශ්නයක් වන තරමට රටේ ආර්ථික අර්බුදය උග්‍ර වෙලා.

රුපියල අවප්‍රමාණය වෙනවා, ආර්ථිකය කඩා වැටෙනවා. අනික් පැත්තෙන් වංචා, දූෂණ සම්බන්ධයෙන් විශාල චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ සියල්ලම ගෙවී ගිය වසර 04 තුළ සිදුවූ දේවල්.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ යහපාලන ආණ්ඩුවක් ගොඩනැගුණා. මහ බැංකු මංකොල්ලය නිසා ඒ තිබුණු ප්‍රර්ථනා සියල්ලක්ම පහුගිය දින 100 ආණ්ඩුව ඇතුළත බිඳ වැටුණා. මේ අර්බුද නිර්මාණය වෙන්න පටන් ගන්නේ මෙතනිනි.

ඒක දේශපාලන අර්බුදයක් ලෙස වර්ධනය වෙලා පසුගිය ඔක්තෝම්බර් මාසයේදි ජනාධිපතිවරයා අග්‍රාමාතය ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්කරමින් රටේ පරිපාලන බලය මාරු කරනු ලැබුවා. එයින් සිදුවූ ව්‍යවස්ථා අර්බුදය අපි දැක්කා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලීසිය පවරා ගැනීමෙන් පසුව සෑම දිනකම මත්ද්‍රව්‍ය, හෙරොයින් වැටලීම් කරන්න පටන්ගෙන තියෙනවා. රටට පිටි, ධාන්‍ය ගේනවා වගේ මහා පරිමාන හෙරොයින් තොග පොලිස් භාරයට ගනිමින් තිබෙනවා.

ව්‍යවස්ථාව පිළිබඳව, 19 වන සංශෝධනය පිලිබඳ කථිකාවක් දැන් රටේ මතුව තිබෙනවා. ජනාධිපතිවරයාත් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම ඔහුගේ ස්ථාවරය ප්‍රකාශ කලා.

රටේ ඉතාම බරපතල විශමතාවයක් ඇති වෙලා තියෙනවා. මේ විෂමතාවය අපරාධවලට, සංස්කෘතියට, සමාජ අපචාරවලට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. මේ පිළිබඳ වගේ වගක් නැතුව ආණ්ඩුවේ ඇමතිවරු කටයුතු කරනවා. මේ පිළිබඳ විචාරශීලී මතවාදයක් අවශයයි. ඒ මතවාදය ගොඩනැගීමට රටේ සියලුම විද්වතුන්, බුද්ධිමතුන් කැපවිය යුතුයි”

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න