ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත එළඹෙන මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අනුරාධපුර ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ගමන් ගත් කැබ් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් අනතුර සිදුවු අවස්ථාවේ කේ.ඩී ලාල්කාන්ත මහතා බීමත්ව සිට ඇති අතර බීමතින් රිය පදවා අනතුර සිදු කිරිමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගනු ලැබු බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
