රාජ්‍ය සේවයේ දැවුණු ප්‍රශ්නයකට විසඳුම් !

රාජ්‍ය සේවයේ දැවුණු ප්‍රශ්නයකට විසඳුම් !

රජයේ දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන් මුහුණ පා ඇති උසස්වීමේ ගැටලු නිරාකරණය කොට නව උසස්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කොට ඇත.

වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ සංදේශයක් ලෙසට 2019 පෙබරවාරි 26 වන දින මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

දීප ව්‍යාප්ත සේවාවන් නියෝජනය කරන වෘත්තීය සංගම් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත්වූ සාකච්ඡාවන්වල දී ඔවුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් විවිධ ගැටලුකාරී තත්ත්වයන් පවතින බවටත්, නියමිත කාල සීමාවන් තුළ දී උසස් වීම් නොලැබීම හේතුවෙන් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අතෘප්තියට පත් වී ඇති බවටත් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම කරුණු සැළකිල්ලට ගනිමින් රාජ්‍ය යාන්ත්‍රණයේ ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ අරමුණින් යුතුව අදාළ සියලු පාර්ශවවල එකඟතාවයෙන් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

මෙම තීරණය අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය, ශ්‍රී ලංකා මිනින්දෝරු සේවය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය හා ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවය යන දීප ව්‍යාප්ත සේවාවන්හි සේවය කරනු ලබන නිලධාරීන්ගේ උසස් වීම් ගැටලු සඳහා සහන හිමිවී ඇත.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න