වීරවංශගේ විරෝධය නොතකා : ජවිපෙ - මහින්ද සාකච්ඡා සදහා දින වෙන්වෙයි

වීරවංශගේ විරෝධය නොතකා : ජවිපෙ - මහින්ද සාකච්ඡා සදහා දින වෙන්වෙයි

විධායක ජනාධිපති ධූරය වෙනස් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ශුද්ධ වූ අයිතියක් නැතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එහි ප්‍රකාශකයකු සදහන් කරන්නේ මහින්ද රාජපක්ෂ යුද්ධය ජය ගත්තේ විධායක බලය නිසා බැවින් ඊට කොතරම් මිලක් ගියත් ඒ රැකගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයකු ලෙස මහින්ද රාජපක්ෂ පෙනී සිටිය යුතු බවය.

එසේම ජනතා විමුක්ති පෙරමුණ යනු රාජපක්ෂ හිතවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරන සහ එහි විනාශය වෙනුවෙන් කටයුතු කල සහ දැනුත් කටයුතු කරන පක්ෂයක් බැවින් ඒ සමග සාකච්ඡා කිරිම අනවශ්‍ය දෙයක් බවත් ඔවුන්ගේ සැබෑ අපේක්ෂාව රනිල් අගමැති ට වැඩි බලයක් ලබාදීම බවත් ජාතික නිදහස් පෙරමුණ තක්සේරුව වන බවත් පැවසේ.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ මෙම සාකච්ඡාව ට දැඩි විරෝධයක් පලකර සිටින බවද ඔහු පව්සයි.

මහින්ද - ජවිපෙ සාකච්ඡා මාර්තු 06

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡා එලැඹෙන මාර්තු 06 විපක්ෂ නායක කාර්‍යාලයේ පැවැත්වීමට නියමිත බව ජවිපෙ පවසයි.

ඒ සදහා ජවිපෙ නියෝජිතයන් ලෙස ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, විජිත හේරත් , කේ. ඩී. ලාල් කාන්ත , සුනිල් හදුන්නෙත්ති, නලින්ද ජයතිස්ස සම්බන්ධ වන බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න