කරන්නාගොඩ අත්අඩංගුවට !

කරන්නාගොඩ අත්අඩංගුවට !

තරුණයන් 11 දෙනකු කොළඹදී පැහැර ගැනීම හා ඊට සම්බන්ධිත සියලූ සිද්ධීන් ගැන තොරතුරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් වීම නිසා ඔහු සැකකරුවකු ලෙස නම්කොට අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

මේ වනවිට නම් කොට ඇති සැකකරුවන් 15 දෙනාට හා වසන්ත කරන්නාගොඩ ට අමතරව එම පැහැර ගැනීමට හා කප්පම් ලබා ගැනීමට තවත් තිදෙනකු සම්බන්ධ බවට මේ වනවිටත් තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ද හැකි ඉක්‌මනින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇති බවද වාර්තා වෙයි.

වසන්ත කරන්නාගොඩ මේ වනවිට පදිංචි ස්‌ථානවලින් පලා ගොස්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින නමුත් ඔහු ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක්‌ ලැබුණ විගස ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පොලිස්‌ පරීක්‍ෂකවරයා එහිදී අධිකරණයට කීවේය.

එම නඩුවේ පළමු වන සැකකරු ලෙස නම්කොට ඇති නිලන්ත සම්පත් මුණසිංහ, 14 වන සැකකාර ඇන්ටනි ප්‍රනාන්දු හා 15 වැනි සැකකාර සම්පත් ජානක කුමාර නමැති තිදෙනා ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව වැඩබලන නිල නොලත් මහෙස්‌ත්‍රාත් නීතිඥ දීමනි බැද්දේවෙල මහත්මිය නියෝග කර ඇති බවත් අධිකරණ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න