ගෝඨාගේ ගෝලයන්ගෙන් මහින්දටත් තර්ජන !

ගෝඨාගේ ගෝලයන්ගෙන් මහින්දටත් තර්ජන !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබානොදීමේ පසුබිම සම්බන්ධව එම පාර්ශවය විසින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ වෙතද තර්ජනය කරන්නට ගෙන ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිළ යොදවා මෙම ප්‍රසිද්ධ තර්ජනයන් එල්ල කෙරෙමින් පවතියි.

විමල්ගේ රත්නපුර කතාව !

මේ අතර රත්නපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමට විරුද්දව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන ඒමට සූදානම් වන යෝජනාවට තම කදවුරේ කිසිවෙකු හෝ පක්‍ෂ වීමට සූදානම් වන්නේ නම් පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම් බවය.

අද මුළු රටම ඉල්ලන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ බවත් කවුරු විශ්වාස නොකලත් මෙරට මහජනතාව එය විශ්වාස කරන බවත් එහිදී මන්ත්‍රීවරයා පවසා ඇති අතර මේ විශ්වාසයට පිටින් යන්න කිසිවෙකු හෝ සිතන්නේ නම් ඒ මෙම කඳවුර පරාජය කිරීමට කරන පාවාදීමක් යයිද මන්ත‍්‍රිවරයා කියා සිටී.

තම පක්‍ෂය පොහොට්ටුව අතහැර තනියන් තරග වදින්නට සූදානම් බවත් නමුත් ඒ තම කදවුරේ සිටින සතුරාට උවමනා වෙලාවට නොව තමන් තීරණය කරන මොහොතක යයිද ඔහු පවසා ඇත.

සංවිධාන හරහාත් තර්ජන !

මේ අතර විධායක යනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එකඟ නොවිය යුතු බව අවධාරණය කරමින් ජාතිවාදී සංවිධාන හරහාද ප්‍රකාශ නිකුත් කරවීමට මෙම පාර්ශව කටයුතු කරමින් සිටියි.

ඒ සම්බන්ධව ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලංකා සංසදය වැනි සංවිධාන මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටින අතර එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ විධායකය අහෝසි කිරීමට තමන් විරුද්ධ බවය.

මේ සම්බන්ධව ලැබෙන ආරංචිමාර්ග ද සඳහන් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් ගැන කතාබහ පෙරමුණේ තැබුවත් මේ සංවිධාන ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ උත්සාහයේ නිරත වන බවය. එසේම ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ද සෘජුව මැදිහත්ව සිටින බවත් ඒ නොවෙන්න වීරවංශ වැනි උදවිය වැරදීමකින් හෝ මහින්ද රාජපක්ෂ සම්බන්ධව විවේචනයක් කිසිසේත් නොකරන බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එසේම එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය සමයේ මේ පාර්ශව පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඉලක්ක කර දැඩි දේශපාලන විවේචනයක් ගෙන ගියේ ද ගෝඨාභය මහතාගේ සෘජු අනුදැනුම මත බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න