සත්‍ය සෙවීමේ කොමිසමටත් සිරිසේන හරස් වෙයි !

සත්‍ය සෙවීමේ කොමිසමටත් සිරිසේන හරස් වෙයි !

ජාතික සංහිඳියාවක් ඇතිකර ගන්නට අතිශය වැදගත් වන සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාව විසින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ සහතික කර තිබෙන සත්‍ය සෙවීමේ කොමිසමක් ආරම්භ කිරීමේ යෝජනාවට අනුමැතිය දීම ජනාධිපති සිරිසේන විසින් දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව වාර්තා වෙයි.

මෙම යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් මීට සති කිහිපයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබු අතර ඒ සම්බන්ධව අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ලබාදෙන පවසමින් පළමු අවස්ථාවේ සිරිසේන ජනාධිපති එය පසුවට කල්තබා තිබිණ.

මේ වන විට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ ලබාගත යුතු බව සඳහන් කර පසුගිය අවස්ථාවේ ද ජනාධිපති සිරිසේන එය කල්දැමූ බවත් මෙවර එය දින නියමයක් නොමැතිව කල් තැබීමට ද කටයුතු කර ඇති බවයි.

ලංකාව සම්බන්ධව විදේශීය මැදිහත්වීමක් සිදුනොවුයේ ජිනීවා වලදී මෙරට සිදුකල දියුණු රාජතාන්ත්‍රික මැදිහත්වීම නිසා බවත් නමුත් මේ වන විට ජනාධිපති සිරිසේන ජාතිවාදී කඳවුරේ සහය තමන්ට ලබාගැනීමේ අපේක්ෂාවෙන් රටම අවධානමේ දමමින් කටයුතු කරමින් සිටින බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එසේම පසුගියදා ජිනීවා වලදී ලංකාව සහය පලකරනු ලැබූ යෝජනාවෙන් ඉවත්වීමට ජනාතිපති සිරිසේන තීන්දු කිරීම සහ සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීම කල්දැමීම ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතිවාදී ජන්ද අපේක්ෂාවෙන් සිදුකල කටයුත්තක් බව පැහැදිලි බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න