සුදුවෑන් චෝදනාව ගෝඨාභයගෙන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට !

සුදුවෑන් චෝදනාව ගෝඨාභයගෙන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට !

තමන් සතුව කිසිඳු සුදුවෑන් රථයක් නොතිබු බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

උඩුනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවත් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා මෙරට බුද්ධි අංශ පිළිගත් උපක්‍රම භාවිත කළ බව ඔහු සඳහන් කර ඇති අතර එහෙත් ඒවා කිසිවිටකත් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර නොගෙන බවද පවසා තිබේ.

උපක්‍රමිකව චෝදනාව ආරක්ෂක අංශ වෙත යොමුකිරීමක් !

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමේ අපේක්ෂාවෙන් සිටින ගෝඨාභය මහතා තම නමට තිබු සුදුවෑන් චෝදනාව ඉතා සුක්ෂමව ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත යොමුකිරීමට කටයුතු කර ඇති බවය.

එසේම කරන්නාගොඩගේ සිට ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිපදෙනෙකු මේ වන විටනීතිය හමුවේ චෝදනා ලබා සිටින්නේ කප්පම් ගැනීම වෙනුවෙන් සිදුකල සුදුවෑන් පැහැරගැනීම් නිසා බවත් එසේම පොද්දල ජයන්ත පැහැරගෙන මරණීය තුවාල සිදුකරනු ලැබුවේ ජංගම වදකාගාර පන්නයට සකස් කල සුදුවෑන් ඇතුළුව මාරාන්තික පහරදීම්, ඝානත රැසක් පසුපස සුදුවෑන් ක්‍රියාන්විත තිබු බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව යුද සමයකදී සහ රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති විට පමණක් නොව යුද්ධය අවසන්වූ පසුවත් මෙරට සුදුවෑන් පැහැරගැනීම් සිදුවූ බවත් ඒ සමයේ නිල නොලත් ආරක්ෂක අමාත්‍යවරයා මෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ "තමන් ළඟ සුදුවෑන් නොතිබූ" බව ප්‍රකාශ කළද පාලක රෙජීමයේ දේශපාලන බල ව්‍යාපෘතිය වෙනුවෙන් සිදුවූ සුදුවෑන් පැහැරගැනීම් සම්බන්ධ චෝදනාවෙන් ඔහුට ගැලවීමක් නොමැති බවද දේශපාලන විචාරක මතය වී තිබේ.

එසේම මේ ආකාරයට ඔහු තමන් නමට ඇති චෝදනාව ආරක්ෂක අංශ වෙත සීරුමාරුවට යොමු කලත් ඔහු සුදුවෑන් ක්‍රියාන්විත ප්‍රතික්ෂේප කර නොතිබීම ගැන අවධානය යොමුකළ යුතු බවත් ඒ අනුව ඉදිරියේදී බලය ලැබුණහොත් නැවත ත්‍රස්තවාදය මැඩීම, දේශද්‍රෝහීන් මැඩීම වැනි ලේබල් යටතේ සුදුවෑන් ක්‍රියාන්විත දියත් කරවීමේ අවධානමක් පැවතීම ප්‍රතික්ෂේප කල නොහැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න